Huawei Mate 20 Pro Review in Sinhala & Price Comparison
Design | 9.5 |
---|---|
Screen | 9 |
Performance | 9 |
Camera | 9.5 |
Battery Life | 9 |
- Capacity 128GB/256GB
- Display 6.39″ 1440×3120 pixels
- Battery 4200mAhLi-Po
- Performance HiSilicon Kirin 980 8GB RAM
- Camera 40MP, 20MP & 8MP Triple Camera, Selfie 24MP
- Video 2160p@30fps

රු174,900.00 රු156,900.00
Huawei Mate 20 Pro Review in Sinhala & Price Comparison Prices
Price History
Description
තාක්ෂණ ලෝකයේ වෙනස් වීමට ඉතාමත් ඉක්මනින් ප්රතිචාර දක්වන Huwawei සමාගම විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන Huawei Mate 20 pro ලෝකයට එළිදක්වනු ලැබූ අතර Huawei Sri Lanka ආයතනය විසින් 2018.11.15 දින Hilton Colombo පරිශ්රයේ දී ලාංකේය වෙළඳ පොළට එළිදක්වනු ලැබුවා.
Flagship දුරකථන ඝණයට වැටෙනා මෙම දුරකථනය, අඟල් 6.39 ක AMOLED තාක්ෂණයෙන් යුක්ත සුපිරි Full View Curved තිරයකින් සමන්විත මෙම දුරකතනයේ පිටුපස කොටස ද වීදුරු වලින් සහ ඇලුමිනියම් යොදාගෙන නිපදවා ඇත. තවද IP68 සහ Corning Gorilla Glass ආරක්ෂණය සහිතව නිර්මාණය කොට ඇති මෙම Huawei Mate 20 pro දුරකථනය 189 g බරකින් යුක්ත වේ.
නවතම Android 9.0 (Pie) මෙහෙයුම් පද්ධතියෙන් සහ සුපිරි HiSilicon Kirin 980 ප්රෝසෙසරයක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම දුරකථනය 256 GB, 8 GB RAM හා 128 GB සහ 6 GB RAM යන ධාරිතාවන්ගෙන් සමන්විත වන අතර Huwawei සමාගම විසින් Android 9.0 මත නිර්මාණය කරන ලද EMUI 9 මෙහෙයුම් පද්ධතිය අඩංගු වේ.
මෙවර Huawei සමාගම විසින් සිදුකර ඇති වෙනස්කම් කිහිපය අතරින් සුවිශේෂී තැනක් ගැනීමට ඇමෙරිකාවේ Leica සමාගම සමඟ එකතු වී නිර්මාණය කර ඇති ත්රිත්ව කැමරා පද්ධතිය සමත් වී තිබෙනවා.
තවද සුපුරුදු 3.5mm headphone jack පහසුකම ඉවත් කර තිබුන ද එය වෙනුවට Huawei සමාගම විසින් නොමිලේ Type-C to 3.5 mm headphone jack ඇඩප්ටරය ලබා දී ඇත.Huawei ආයතනයේ මෙම නවතම තාක්ෂණ පෙරළිය යන සියලුම කරණා සියලුදෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වීම සුවිශේෂී කාරණාවකි. Huawei සමාගම විසින් ඔවුන්ගේ ප්රථම සුපිරි In Screen තාක්ෂණයෙන් යුක්ත Finger ID පහසුකම Huawei Mate 20 pro දුරකතනයට ලබා දී තිබීම Huawei පාරිභෝගිකයින් ලබා ඇති සුවිශේෂී ජයග්රහණයක් ලෙස අපගේ මතය වේ.
එසේම Accelerometer, Gyro, Proximity, Barometer හා Compass යනාදී sensors වර්ග කිහිපයක්ම සමගින් Li-Po 4200 mAh සුපිරි ධාරිතාවකින් යුක්ත බැටරියකින් සමන්විත මෙම දුරකතනය Emerald Green, Midnight Blue, Twilight, Pink Gold සහ Black යනාදී වර්ණ කිහිපයකින්ම වෙළඳපොළට නිකුත් වී ඇත.
මෙම නවතම දුරකතනයේ ඇති සුපිරි නිමාව, ඉහල මට්ටමේ Wide-angle ත්රිත්ව කැමරා පද්ධතිය සහ in-screen fingerprint පහසුකම යන කරන ධනාත්මක කරණු වශයෙන් දැක්විය හැකිය. තවද මෙම දුරකථනයේ ඇති ඉහල මිළ සහ Flagship ඝනයේ ඇති අනෙකුත් දුරකථන වලට සාපේක්ෂව HDR කැමරා පහසුකම පහළ මට්ටමක පැවතීම ඍණාත්මක කරුණු වශයෙන්ද දැක්විය හැකිය.
මෙම සුපිරි Huawei Mate 20 Pro පහත දැක්වෙන ස්ථාන ඔබටත් ලබාගත හැකිය.
- Epic battery life
- Stunning design and build quality
- Snap amazing shots in low light
- No wireless charging
- Software adaptations to the notch could be better
- Camera's Master AI can be overzealous
Additional information
Specification: Huawei Mate 20 Pro Review in Sinhala & Price Comparison
sim-type | Dual Sim |
---|
lkmogadmin –
Test